ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය සහ නාමය අවභාවිතා කරමින් සිදු කරන වංචනික ක්‍රියා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනයේ සඳහන් වන්නේ ජංගම දුරකථන SMS මගින් පාර්සලයක් ලබා ගැනීම සදහා මුදලක් ගෙවිය යුතු බව දන්වා , එම මුදල Online Payment ක්‍රමය හරහා Bank Card (Debit/Credit Card) භාවිතයෙන් ගෙවීමට පාරිභෝගිකයන් ඉලක්ක කරන Phishing scam ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.
මහජනතාව මෙම වංචාකාරි කෙටි පණිවුඩ සබැඳි (SMS Link), ව්‍යාජ වෙබි අඩවි සහ මාර්ගගත ගෙවීම් ඉල්ලීම් පිළිබඳව සැලකිලිමත් වන ලෙසත්, නොහඳුනන links මත click නොකරන ලෙසත්, තම බැංකු කාඩ්පත් තොරතුරු හෝ OTP අංක කිසිදු අවස්ථාවක තෙවන පාර්ශව පුද්ගලයන්ට හෝ වෙබ් අඩවි (Third party web sites) වලට ලබා නොදෙන ලෙසත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
එම නිාව්දපය පහතින් දැක්වේ.



