ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාවේ සංවර්ධනයට ස්විස්ටර්ලන්ත රජයේ සහය

ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාවේ සංවර්ධනයට ස්විස්ටර්ලන්ත රජයේ සහය
  • SocialShare:

ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව වෙනුවෙන් ස්විස්ටර්ලන්ත රජය සහය ලබා දෙන බව ස්විස්ටර්ලන්ත තානාපතිනි සිරි වෝල්ට් මහත්මිය පවසයි.

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සමග ඊයේ (24) පැවැති විිශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ඇය මේ බව පැවසුවාය.
ඉදිරියේදී තරුණ ප්‍රජාව වෙනුවෙන් වෘත්තීය පුහුණු වැඩසටහන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමටත්, ඒ සඳහා ස්විට්සර්ලන්ත රජයේ සහයෝගය ඇතිව අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමටත් මෙහිදී එකඟතාව පළ කර ඇත.
එසේම දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම මෙන්ම තරුණ ප්‍රජාවේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි නව වැඩසහන් පිළිබඳව ද අමාත්‍යවරයා සහ තානාපතිවරිය එහිදී සාකච්ඡා කර තිබේ.
වත්මන් රජය දූෂණයෙන් තොර බවත් ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ කුසලතා වර්ධනය කර ඔවුන් ලෝක වෙළඳපොළට ගැළපෙන ශ්‍රමිකයින් බවට පත් කිරීම සඳහා වන ඕනෑම වැඩසටහනක් රජය සමග එක්ව ආරම්භ කිරීමට හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් තානාපතිවරියට සඳහන් කර ඇත.