ඉන්ධන අර්බුදය හමුවේ බදාදා දිනවල ප්‍රවාහන සේවා සීමා කෙරේ

ඉන්ධන අර්බුදය හමුවේ බදාදා දිනවල ප්‍රවාහන සේවා සීමා කෙරේ
  • SocialShare:

පවතින ඉන්ධන අර්බුදය කළමනාකරණය කිරීම සඳහා අද (18) සිට සෑම බදාදා දිනයකම පොදු ප්‍රවාහන සේවා සීමා සහිතව පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මෙම තීරණය ගෙන ඇත්තේ මැදපෙරදිග කලාපයේ පවතින යුධමය තත්ත්වය හේතුවෙන් ඉන්ධන සැපයුමට ඇතිව තිබෙන ගැටලු හමුවේ තෙල් තොග අරපිරිමැස්මෙන් භාවිත කිරීමේ අරමුණින් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

බදාදා දිනය නිවාඩු ලෙස නම් කිරීමෙන් සතියේ අනෙකුත් දිනවල රජයේ කාර්යාල ක්‍රියාත්මකව පවත්වාගෙන යාමට හැකි වන අතර, මහජන සේවාවන් සම්පූර්ණයෙන් අත්හිටුවීමක් සිදු නොවන බවද ඔහු අවධාරණය කළේය.

එදින දුම්රිය සහ බස් සේවා සීමා කරන අතර, ඉන්ධන පරිභෝජනය අඩු කර ගැනීම මූලික අරමුණ බවද පැවසීය.

රජය අලුත් ඉන්ධන සැපයුම් ලබා ගැනීම සඳහා විදේශ රටවල් සමඟ සාකච්ඡා කරමින් සිටින අතර, දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 4000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3800ක් පමණ භාවිත වන බවද අනාවරණය විය.