විදුලිබල ක්ෂේත්‍රය මෑතකදී ගත් දැවැන්තම පරිවර්තනය සනිටුහන් කරමින් ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙල ඇරඹේ

විදුලිබල ක්ෂේත්‍රය මෑතකදී ගත් දැවැන්තම පරිවර්තනය සනිටුහන් කරමින් ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙල ඇරඹේ
  • SocialShare:

විදුලිබල  ක්ෂේත්රය මෑතකදී ගත් දැවැන්තම පරිවර්තනය සනිටුහන් කරමින් ප්රතිව්යුහගත වැඩපිළිවෙල සම්පූර්ණ කළ බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහාතා පවසයි.

අළුතින් පිහිටුවන ලද ආයතන වල අධිෂ්ඨානශීලිව හා කැපවීමෙන් කටයුතු කරමින්පොහොසත් රටක් ලස්සන ජීවිතයක සිහිනයසැබෑ කර ගැනිමට අත්වැල් බැද ගමු යන්නද අමාත්‍යවරයා සඳහන් කළේය.

ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්පූර්ණ කරමින් විදුලිබල ක්ෂේත්‍රය වෙනුවෙන් අලුතෙන් පිහිටුවන ලද ආයතන වල අධ්‍යක්ෂවරු හා ඉහළ නිළධාරීන් සහ නව ආයතන සේවකයන් සූම් තාක්ෂණය ඔස්සේ අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

පෙර රජය ලංකා විදුලිබල මණ්ඩලය කොටස් 12කට කඩා පුද්ගලීකරණය කරන්නට ගත් උත්සාහ ආපසු හරවමින් සියයට සියයක්ම රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගම් පිහිටුවා අපේ රටේ විදුලිබල ක්ෂේත්‍රය වත්මන් හා අනාගත අභියෝග ජය ගැන්මට අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කරමින් එම ක්ෂේත්‍රයේ රාජ්‍ය හිමිකාරීත්වය තහවුරු කරන්නට කටයුතු කළ බවද පැවසීය.

වැඩ කරන ජනතාවගේ රජයක් හැටියට අප ඉතා සැලකිල්ලෙන් කටයුතු කළ තවත් වැදගත් කාරණාවක් තිබු බවත් එනම් , සේවක අයිතිවාසිකම් හා වරප්‍රසාද ලංවීම සේවකයන් හැටියට සේවක ඔබ භුක්ති විදි වරප්‍රසාද හා අයිතිවාසිකම් අබමල් රේණුවකින් ප්‍රමාණයකින් අඩු නොකර ඔබ සම්බන්ධ වන අලුත් ආයතනයෙදීත් ලැබෙන බවට අපි වගකියන බවද පැවසුවේය.

විදුලිබල මණ්ඩල සේවකයින්ට ඇති වූ  විවිධ දුක්ගැනවිලි සැලකිල්ලට ගෙන ඒ ඉටු නොවී තිබුණු ඉල්ලීම් හැකි ප්‍රමාණයෙන් ඉටු කළ  බවද හෙතෙම පැවසීය.

ඇ.තැම් සේවක ඉල්ලීම් ඔබ නියෝජනය කළ වෘත්තීය සමිති ඉල්ලීමට පෙර ඉටු කිරිමට

රජයක් ලෙස කටයුතු කළ බවත් වැඩකරන ජනතාවගේ රජයක් හැටියට එය අපගේ වගකීමක් බව විශ්වාස කරන බවද පැවසුවේය.

විදුලිබල ක්ෂේත්‍රයේ නියෝජනය කරන වෘත්තීය සමිති විටින්විට හමුවී සාකච්ඡා කරමින් ඔවුන්ගේ හඩටත් ඇහුම්කන් දෙමින් කටයුතු කළ බවද අමාත්‍යවරයා තව දුරටත් ප්‍රකාශ කළේය.

එමෙන්ම අපේ රටේ විදුලි ක්ෂේත්‍රයේ දියුණුව සංවර්ධනය වෙනුවෙන් දැවැන්ත පියවරක් තබන මේ මොහොතේ නව ආයතන තුළ ලැබෙන අවස්ථා උපරිම අයුරින් ප්‍රයෝජනයට ගනිමින් මෙය ජාතික කර්තව්‍යයක් ලෙස සලකා කටයුතු කරන්නැයි ආරාධනා කරන අතරම ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට දායකවුණු සියලුදෙනාටම ස්තූතිවන්ත වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.