සෑම වසරකම ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු 08 වනදාට යෙදී තිබෙන බවද මෙවර මාර්තු 08 වෙනිදා ‘පොහොසත් රටක අභිමන ඇය වෙයි දැයක පෙරමග’ යන තේමාවෙන් ජාත්‍යන්තර කාන්තා දිනය කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සහ කාන්තා කාර්යංශය එක්ව සමරන බවද කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළාය.
අමාත්‍යවරිය මේ බව පැවසුවේ අද (05) ජාතික කාන්තා දින සැමරුම සම්බන්ධයෙන් දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
මෙවර කාන්තා දිනයේ ජාත්‍යන්තර තේමාව සියලු කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට අයිතිවාසිකම්, යුක්තිය, ක්‍රියාකාරීත්වය යන්න බවද මෙවර අප රටෙහි කාන්තා දිනය සැමරීමට විවිධ වැඩසටහන් හා සංකල්ප යෝජනා කරගෙන ඇතැයිද පැවසුවාය.
ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම සඳහා නව රජය පියවර කිහිපයක් ගෙන ඇති බව පැවසූ අමාත්‍යවරිය 2024 අංක 37 දරන කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත ප්‍රකාරව කාන්තාවන් පිළිබඳව ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම මෙම වර්ෂයේ සපුරාගත් ඉලක්කයක් බවද පැවසුවාය. මේ වන විට එහි ක්‍රිියාකාරීත්වය ඇරඹීමට පසුබිම සකස් කර ඇතැයිද වැඩිදුරටත් පැවසුවාය.
කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් කිරීමේ සම්මුතිය යටතේ ඒ සදහා වන කැපවීම් ක්‍රියාත්මක කිරීමට යාන්ත්‍රණයක් සකස් කර ඇතැයිද කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පවත්නා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ පනත් කෙටුම්පත තරමක් යල් පැනගිය එකක් බැවින් වර්තමානයට උචිත වන අයුරින් එම පනත් කෙටුම්පත නව නීති රීති සම්පාදනය කිරීම සඳහා කටයුතු සිදුකරමින් පවතින බවද සදහන් කළාය.
කාන්තාවන්ගේ පොදු ප්‍රවාහන සේවය තුළ සුරක්ෂිතභාවය ඇති කිරීම සදහා ප්‍රවාහන ක්ෂේත්‍රෙය් කාන්තා දායකත්වය පුළුල් කරමින් කාන්තා බස් කොන්දොස්තරවරියන් බඳවා ගැනීමේ කටයුතු පසුගිය දිනයේ ආරම්භ කළ බවද ආරක්ෂිත වටපිටාවක් තුළ කාන්තාවන්ට රාත්‍රී සේවා වැඩමුර සිදුකිරීම සදහා එහි පවතින නීතිමය බාධාවන් ඉවත් කරමින් ඔවුන්ගේ රැකියා ක්ෂේත්‍ර තුළ විශේෂයෙන්ම ශ්‍රම බලකායට කාන්තා දායකත්වය වැඩි කිරීමට රාත්‍රී සේවා මුර සදහා අවසර ලබාදීම කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා ගත් මූලික පියවරක් බවද අවධාරණය කළාය.
කාන්තාවන් සවිබල ගැන්වීම සදහා ආර්ථික සවිබල ගැන්වීම, ප්‍රතිපත්ති හා අයිතිවාසිකම් රාමුවේ සවිබල ගැන්වීමත් නීතිමය රාමුව තුළ ඔවුන් සමාජීය වශයෙන් සවිබල ගැන්වීම හා ශක්තිමත් කිරීමත් යන කාරණා අමාත්‍යංශය ලෙස ඉලක්ක කර ඇතැයිද වැඩිදුරටත් පැවසුවාය.


