මැදපෙරදිග රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සමග විදේශ කටයුතු, විදේශ රැකියා සහ සජචාරක අමාත්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා දුරකථනයෙන් සාකච්ඡා කර අතර එම කලාපයේ ඇතිවී තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් ඒ ඒ රටවල් මුහුණ පා ඇති තත්ත්වය සොයා බලමින් සිය ශෝකය සහ කණගාටුව ප්‍රකාශ කළ බව විදේශ අමාත්‍යංශය පවසයි.
මීට අමතරව එම රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ද ඉල්ලා සිටි අමාත්‍යවරයා එම රටවල්වලින් ශ්‍රී ලංකාවට පැමිණ සිටින සංචාරකයන්ගේ ආරක්‍ෂාව ශ්‍රී ලංකා රජය භාරගෙන ඇති බවද පෙන්වා දී තිබේ.
එසේම හදිසි අවස්ථාවක ඉල්ලා සිටින මානුෂීය සහායන් ලබාදීමට ශ්‍රී ලංකාව නොපැකිලිව කටයුතු කරන බව ද අමාත්‍යවරයා විදේශ අමාත්‍යවරුන්ට පවසා ඇත.
මේ සම්බන්ධයෙන් මැදපෙරදිග රටවල විදේශ අමාත්‍යවරුන් අමාත්‍යවරයාට ස්තූතිය පළ කළ ඇති අතර ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන බවද සහතික වී තිබේ.


