කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ධීවර කිමිදුම් කටයුතුවල නිරත ධීවර කාර්මිකයන්ට නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙම රක්ෂණ යෝජනා ක්‍රමය කලක සිට කිමිදුම්කරුවන්ගේ සංගමය හා ඒ ආශ්‍රිත ධීවර කටයුතු වල නියැලෙන ධීවර කාර්මිකයන්ගේ ඉල්ලීමකට අනුව විශේෂිත රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව ධීවර කටයුතු ආශ්‍රිතව ධීවර කර්මාන්තයට අදාලව කිමිදුම් කටයුත්තක නිරතව සිටියදී රක්ෂිතයාට සිදුවන මරණයකදී රු.1,200,000/- (රුපියල් ලක්ෂ දොළහක්) ලබාදීම සිදු කෙරේ.
මුහුදේදී හෝ මිරිදිය ජලාශයක ඇතුළත කිමිදුම් කටයුත්තක නිරතව සිටින අතරතුරදී ඇතිවූ අනතුරක් හේතුවෙන් රක්ෂිතයාට සිදුවන තාවකාලික අකර්මණ්‍ය වීම්ද මෙම යෝජනා ක්‍රමය මගින් ආවරණය කරනු ලැබේ.
මෙහිදී රු.1,200,000/-, රු.1,500,000/-, රක්ෂණ ආවරණ සහිත විවිධ යෝජනා ක්‍රම හදුන්වාදී ඇති අතර වර්ෂයකට රක්ෂණ ආවරණයක් වෙනුවෙන් ධීවර කාර්මිකයා ගෙවිය යුතු වන්නේ රු.1920/- මුදලක් පමණි.


