ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් විසින් නිකුත් කරන ලද 2025 දූෂණ සංජානන දර්ශකයට (CPI) අනුව ශ්‍රී ලංකාව 2024 වසරේ 121 වන ස්ථානයෙන් 2025 වසරේ 107 වන ස්ථානය දක්වා ස්ථාන 14කින් ඉදිරියට පැමිණ තිබේ. එමඟින් ලකුණු ප්‍රමාණයද 3කින් වර්ධනය වී ඇත.
ලෝකයේ රටවල් 181ක් අතරින් 107 වන ස්ථානයට පත් වූ ශ්‍රී ලංකාවට වඩා පහළ ස්ථානවල ඉන්දුනීසියාව, නේපාලය, තායිලන්තය, පිලිපීනය, තුර්කිය සහ ඊජිප්තුව ඇතුළු රටවල් කිහිපයක් රැඳී සිටිති.
දූෂණ සංජානන දර්ශකය යනු එක් එක් රටේ රාජ්‍ය අංශයේ දූෂණ මට්ටම පිළිබඳ සංජානනය මනින ගෝලීය ශ්‍රේණිගත කිරීමක් වන අතර රටවල් 0 (ඉතා දූෂිත) සිට 100 (ඉතා පිරිසිදු) දක්වා ලකුණු ලබා ගනී.


