මාදැල් ඇදීමේදී වින්ච් යාන්ත්‍ර භාවිතා කිරීමට කිසිදු මාදැල් හිමියෙකුට තනි තනි වශයෙන් නීත්‍යානුකූල අවසරයක් ලබාදී නොමැති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පවසයි.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ මාදැල් ධීවර තකර්මාන්තයේදී ට්‍රැක්ටර් සහ වින්ච් භාවිතය හේතුවෙන් පැන නැගී ඇති ගැටලු පිළිබඳව දැනුවත් කිරීමට අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය කළමනාකරණය කිරීම සඳහා පිහිටුවා ඇති ආයතනය බවද ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මෙම ධීවර සම්පත කළමනාකරණය කිරීමේදී නීති ,රෙගුලාසි සහ නියෝග මාලාවන් භාවිතා කරන බවද පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රධාන වශයෙන්ම ධීවර කර්මාන්තය කළමනාකරණයට 1996 අංක 02 දරණ ධීවර හා ජලජ සම්පත් පනතත් ඒ පනත යටතේ මේ වන විට රෙගුලාසි 100කට අධික ප්‍රමාණයක් සකස් කර ඇතැයිද පැවසුවේය.
මාදැල් ධීවර කර්මාන්තය කළමනාකරණය කිරීමට නියෝග මාලාවක් ඇතැයිද එය 1984/11/06 දින සිට එය ක්‍රියාත්මක වන බවද සදහන් කළේය. එම නියෝග මාලාවට අනූව මාදැලක් යනු මිනිසුන්ගෙන් ක්‍රියාත්මක වන ධීවර කර්මාන්තයක් ලෙස ක්‍රියාත්මක වන බවද නියෝග මාලාවේ සටහන්ව ඇතැයි පෙන්වා දුන්නේය.
දැනට දිවයින වටා මාදැල් 827ක් ක්‍රියාත්මක වන බවද ඉන් දැනට කතාබහට ලක්වන ට්‍රැක්ටර් සහ වින්ච් යන්ත්‍ර භාවිතයෙන් ක්‍රියාකාරී තත්ත්වයේ පවතින මාදැල් ප්‍රමාණය 300කට වඩා අඩු ප්‍රමාණයක් බවද පෙන්වා දුන්නේය.
නමුත් හඑක්තරා අවස්ථාවකදී 183 දෙනෙකෙුගේ නාම ලේඛනයකට පර්යේෂණ මට්ටමෙන් මාදැල් සදහා මෙයට අවසර ලබාදී ඇතැයිද පැවසූ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එය දිගින් දිගටම මෙලෙස ක්‍රියාකාරී තත්ත්වයේ පවතින බවද අවධාරණය කළේය.
පසුගිය කාලසීමාවේ මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර මෙම මාදැල් ධීවර කර්මාන්තයට වින්ච් යන්ත්‍ර භාවිතා නොකරන ලෙස අවස්ථා ගණනාවකදී දැනුවත් කළ බවද පැවසුවේය. මෙය දෙපාර්තමේන්තුව තනිව ගත් තීරණයක් නොවන බවද මෙම අවස්ථාවට සම්බන්ධ සියලු ආයතනයක්ම මේ සදහා කරුණු ඉදිරිපත් කර ඇතැයිද සිහිපත් කළේය.


