යාපන අර්ධද්වීපයේ පිහිටි කච්චතිව් දූපතේ, ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, 2026 පෙබරවාරි මස 27 සහ 28 දෙදින උත්කර්ෂවත්ව පැවැත්වීමට නියමිතය.
ඒ සඳහා සියලු කටයුතු යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සූදානම් කර ඇති අතර, අවශ්‍ය යටිතල පහසුකම් ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්‍ෂණික, සම්පත් හා ශ්‍රම දායකත්වය ලබාදීම සිදු කරමින් පවතී.
නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟපෙන්වීම මත, උතුරු නාවික විධානයේ ආඥාපතිගේ අධීක්‍ෂණයෙන්, කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය සඳහා සහභාගී වන බැතිමතුන් වෙනුවෙන් තාවකාලික ජැටි ඉදි කිරීම, පානීය ජලය සඳහා ජල පද්ධති ස්ථාපිත කිරීම, සනීපාරක්‍ෂක පහසුකම්, තාවකාලික කුටි සහ තාවකාලික මංමාවත් සකස් කිරීම මෙන්ම විදුලි බල පහසුකම් ස්ථාපනය කිරීමද මේ දිනවල කඩිනමින් සිදුකරමින් පවතියි.
බැතිමතුන්ගේ ආරක්‍ෂාව සඳහා ජීවිතාරක්‍ෂක කණ්ඩායම් යෙදවීමට අවශ්‍ය ස්ථාන හඳුනා ගැනීම හා වෛද්‍ය පහසුකම් සැලසීම සඳහා තාවකාලික ගිලන්හලක් ඉදිකිරීමද නාවික හමුදාව සිදුකරනු ලබයි.
නාවික හමුදාවේ දායකත්වයෙන් ඉදිකරන ලද කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ පිළිසකර කිරීම ඇතුළු අළුත්වැඩියා කටයුතු සහ දේවස්ථානය අවට ප්‍රදේශය හා මංමාවත් එළි පෙහෙළි කිරීම ද සිදු කෙරේ.
වාර්ෂිකව පැවැත්වෙන මෙම දේව මංගල්‍යය සඳහා සහභාගී වන බැතිමතුන් ඇතුළුව අනෙකුත් සියළු පූජකයින් සහ නිලධාරින් ද, විවිධ වු සැපයුම් ද කන්කසන්තුරය සහ කුරිකඩ්ඩුවාන් සිට කච්චතිව් දූපත දක්වා ආරක්‍ෂිතව මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කිරීම නාවික හමුදාව මඟින් සහ නාවික හමුදාවේ අධික්‍ෂණය යටතේ සිදු කෙරේ.


