ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරන සැදැහැවතුන් වෙනුවෙන් හෙට සිට විශේෂ දුම්රිය සේවාවක්

ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරන සැදැහැවතුන් වෙනුවෙන් හෙට සිට විශේෂ දුම්රිය සේවාවක්
  • SocialShare:

ඉන්දියාවේ සිට වැඩම කරන ලද ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීම සඳහා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණීමට සහ වන්දනා කර ආපසු නිවෙස් දක්වා ගමනි කිරීමට බලාපොරොත්තු වන සැදැහැවතුන් වෙනුවෙන් දැනට ධාවනය වන දුම්රිය වලට අමතර පහත සඳහන් දුම්රිය අවිස්සාවේල්ල, රඹුක්කන සහ අලුත්ගම දක්වා 2026-02-05 සිට 2026-02-10 කාල සීමාව තුළ පහත සඳහන් පරිදි ධාවනය කිරීමට සැලසුම් කර ඇත.

අවිස්සාවේල්ල/ කොළඹ කොටුව

අවිස්සාවේල්ල පිටත් වීම - ප.ව. 07.15

කොළඹ කොටුවට ළඟා වීම - ප. ව. 09.56

රඹුක්කන / කොළඹ කොටුව

රඹුක්කන පිටත් වීම - ප.ව. 06.30

කොළඹ කොටුවට ළඟා වීම - ප. ව. 08.51

අලුත්ගම / මරදාන

අලුත්ගම පිටත් වීම - පිටත් වීම - ප.ව. 07.10

මරදාන ළඟා වීම - ප. ව. 08.57

කොළඹ කොටුව / අවිස්සාවේල්ල

කොළඹ කොටුව පිටත්වීම - පෙ.ව. 01.00

අවිස්සාවේල්ල ළඟාවීම - පෙ.ව. 03.37

කොළඹ කොටුව / රඹුක්කන

කොළඹ කොටුව පිටත්වීම - පෙ.ව. 01.00

රඹුක්කන ළඟාවීම - පෙ.ව. 03.15

මරදාන / අලුත්ගම

මරදාන පිටත් වීම - පෙ.ව. 02.00

අලුත්ගම ළඟාවීම - පෙ.ව. 03.47