ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහය සහිතව ශ්‍රී ලංකාවට වැඩම වීමට නියමිත ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය පිළිබඳ මූලික සාකච්ඡාවක් ඊයේ(16) පෙරවරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවට ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන්වහන්සේ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් ඇතුළු දූත පිරිස, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.


