දේශපාලනයට කාන්තාවන්ගේ සක්‍රීය සහභාගීත්වය තුළින් ස්ත්‍රී–පුරුෂ සමාජභාවී සමානාත්මතාවය ගොඩනැගිය යුතු බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.
අමාත්‍යවරිය මේ බව පැවසුවේ ඊයේ (22) හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු පර්යේෂණ හා පුහුණු ආයතනයේ පැවති පළාත් මට්ටමින් දේශපාලනය උදෙසා කාන්තාවන් සවිබල ගැන්වීමේ නායකත්ව වැඩමුළු මාලාවේ බස්නාහිර පළාත් වැඩමුළුව අමතමිනි.
නායකත්වය, කාන්තා අයිතිවාසිකම්, කාන්තා සුරක්ෂිතතාව වැනි මාතෘකා ඔස්සේ අනාගත කාන්තා නායිකාවන් දැනුවත් කිරීම මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාවට සම්පත්දායකත්වය සපයමින් පාර්ලිමේන්තු කාන්තා සංසඳයේ නියෝජ්‍ය සම සභාපති, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී සමන්මලී ගුණසිංහ මහත්මිය ඇතුලු විෂයානුබද්ධ ක්ෂේත්‍ර නියෝජනය කරනු ලබන සම්පත්දායකයින් රැසක් දේශන පවත්වන ලදී.
මෙම අවස්ථාවට කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා, ජාතික කාන්තා කමිටුවේ විධායක අධ්‍යක්ෂ (වැ.බ) ඉරේෂා ධර්මසේන මහත්මිය, බස්නාහිර පළාත නියෝජනය කරනු ලබන දිස්ත්‍රික් වනිතා සංවර්ධන නිලධාරීන්, කාන්තා කාර්යය සංවිධාන සාමාජිකාවන් ඇතුලු කාන්තාවන් සහභාගීව සිටියහ.


