ආපදා සහන සේවා කටයුතු සඳහා මේ වන විට රුපියල් බිලියන 1.2 ක මුදලක් වෙන්කර ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ.බණ්ඩාර මහතා පවසයි.
තව ද 2025 අයවැයෙන් තවත් රුපියල් බිලියන 30 ක් හදිසි අවශ්‍යතා සදහා වෙන්කර ඇති බවද ඒ මහතා පෙන්වා දේ.
එසේම අවශ්‍ය පරිදි මුදල් ඉල්ලා සිටින ලෙස ජනාධිපතිවරයා සියලු දිසාපතිවරුන්ට වැඩිදුරටත් දැනුම් දී තිබේ.
තවද කිසිදු බාධාවකින් තොරව කාර්‍යක්ෂමව ආපදා සහන කටයුතු ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපිතවරයා සියලු පාර්ශවයන්ට උපදෙස් ලබා දී ඇති බවද ඒ මහතා සදහන් කරයි.


