මේ වන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත්වී සිටින ජනතාව මුදාගැනීම සහ ඔවුන්ට අවැසි උපකාර කිරීම සදහා යුද්ධ හමුදා භට පිරිස් යොදවන ලෙසට ජනාධිපතිතුමා විසින් යුද්ධ හමුදාපති වෙත උපදෙස් ලබාදී ඇත.
ඒ අනූව මේ වන විටත් 20500ක් පමණ වූ යුද්ධ භටපිරිස් ප්‍රමාණයක් විපතට පත්වූ ජනතාව ගලවා ගැනීම් කටයුතු සදහා දිවයින පුරා යොදවා ඇති අතර ඊයේ දින පමණක් ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් 3790ක් පමණ වූ ජනතාවක් මුදවාගෙන ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට යුද්ධ හමුදාව කටයුතු කර ඇත.
විශේෂයෙන් අයහපත් කාලගුණ තත්ත්වයෙන් දැඩි බලපෑමකට ලක්ව ඇති දිවයිනේ මධ්‍යම ප්‍රදේශයේ මහනුවර, නුවරඑළිය හා බදුල්ල යන දිස්ත්‍රික්කයන්හි පවතින අධික ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් මාර්ග අවහිර වී ඇති බැවින් මෙම මුදවා ගැනීම් කටයුතු වලට බාධා ඇත. එම බාධාවන් මධ්‍යයේ වුවද මුදවා ගැබීම් කටයුතු අඛණ්ඩව සිදුකිරීමට යුද්ධ හමුදාව විසින් කටයුතු කරනු ලබයි.
යුද්ධ හමුදාවට අමතරව, ශ්‍රී ලංකා නාවික හමුදාව හා ගුවන් හමුදාව ද මෙම මුදවා ගැනීම් කටයුතු සදහා සක්‍රීයව මැදිහත්ව සිටී.


