මාධ්‍යධ්‍යෙව්දීන්ගේ වෘත්තීයභාවය ඉහළ නංවන්න අපි රජයක් ලෙස කටයුතු කරනවා - අගමැතිනිය

මාධ්‍යධ්‍යෙව්දීන්ගේ වෘත්තීයභාවය ඉහළ නංවන්න අපි රජයක් ලෙස කටයුතු කරනවා - අගමැතිනිය
  • SocialShare:

මාධ්‍යධ්‍යෙව්දීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමට රජයක් ලෙස කටයුතු කරන බවද, මාධ්‍ය වෙනුවෙන් නව ආචාරධර්ම පද්ධතියක් අවශ්‍ය බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

කොළඹ නෙළුම් පොකුණ රඟහලේ නොවැම්බර් 11වැනිදා පැවති ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 2025 උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පවසා සිටියාය.

ජනමාධ්‍ය අවකාශය පොදු දේපළක් ලෙස සලකමින් මානවවාදී මාධ්‍ය කර්මාන්තයක් රට තුළ නිර්මාණය කිරීම රජයේ අරමුණ බවද පැවසූ අගමැතිනිය ස්වාධීන හා අපක්ෂපාතී මාධ්‍යකරණයක නියැලෙමින් විශිෂ්ට සේවාවක් ඉටු කරන සියලු මාධ්‍යවේදීන්ට රජයේ ගෞරවය පිරිනමන බවද පැවසුවාය.