ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ වත්මන් රජයේ ජාතික ප්‍රතිපත්තිය අනුව, ප්‍රවාහන මාධ්‍ය අතර අන්තර් සම්බන්ධීකරණය තුළින් Transit Cities සහ එම Transit Cities හි සිට ප්‍රධාන නගර වෙත කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට හැකි වන පරිදි අවශ්‍ය පහසුකම් සහිතව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත.
ඒ අනුව බස් රථ , දුම්රිය,කුළී රථ සේවා වැනි ප්‍රවාහන මාධ්‍ය අන්තර්සම්බන්ධීකරණ වැඩිදියුණු කිරීමේ අරමුණ සහිතව දිවයිනේ වැඩිම මගී සංසරණයක් සිදුවන බවට හඳුනාගෙන ඇති බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථාන ඒකාබද්ධ කරමින් විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට යටත්ව , ප්‍රමුඛතා පදනම මත මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය , අනුරාධපුර (දක්ෂිණ ) බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය , අනුරාධපුර (උතුර) බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය , කොටුව දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය , මොරටුව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය , රාගම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය , අවිස්සාවේල්ල ,ගාල්ල,කටුනායක ,කුරුණෑගල , බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය , ගම්පහ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය , කටුනායක බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය , කළුතර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ,කන්කසන්තුරය බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය යන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයන් සංවර්ධනය කිරීමට වැඩබලන ප්‍රවාහන ,මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කල යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


