රටේ අධිකරණ පද්ධතිය ස්වාධීන බව ඔප්පු කර තිබෙනවා - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

රටේ  අධිකරණ පද්ධතිය ස්වාධීන බව ඔප්පු කර තිබෙනවා - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක
  • SocialShare:

වසරක කාලයක් තුළ රටේ අධිකරණ පද්ධතිය ස්වාධීන සහ අපක්ශපාතී බව ඔප්පු කර ඇති බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාසය තැබිය හැකි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (8) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී යි.

එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේදී විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පැහැදිළිවම ශ්‍රී ලංකාවේ මතය ප්‍රකාශ කළ බවත් එම කවුන්සිලය ඉදිරිපත් කළ යෝජනාවට එකඟ නොවන බවත් විදේශ අමාත්‍යවරයා සඳහන් කළ බවද එහිදී අවධාරණය කළේය.

ඡන්ද විමසීමක් සිදු කළේ නම් මෙරටට සහය දක්වන හෝ විරුද්ධ රටවල් හඳුනාගැනීමට තිබූ බවද හෙතෙම පෙන්වා දුන්නේය.

එසේම මෙම මානව හිමිකම් ගැටලුව අතීතයේ සිට ශ්‍රී ලංකාවට එල්ල කරන බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ සඳහා රටක් ලෙස මුහුණ දිය යුතු බවත් මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා හෙට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවද වැඩිදුරටත් පැවසීය