ලෝක තැපැල් දිනය ඔක්තොම්බර් මස 09 වෙනි දිනට යෙදී ඇත. ඒ වෙනුවෙන් පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේ දී ඔක්තොම්බර් මස 09වෙනි දින පෙරවරු 10.00 ට පැවැත්වීමට තැපැල් දෙපාර්තමේන්තුව සැලසුම්කර ඇත.
151 වන ලෝක තැපැල් දිනය මෙම වර්ෂයේ දී සමරනු ලබන අතර මෙරට සමරනු ලබන 56 වන ජාතික සැමරුම් උත්සවය ද මෙය වේ.
මෙරට තැපැල් සේවයට වසර 227 ක දීර්ඝ ඉතිහාසයක් ඇත.
විශ්ව තැපැල් සංගමය මගින් ගනු ලැබූ තීරණයකට අනුව ලොව රටවල් 193 ක් මෙම දිනය සෑම වර්ෂයකම ඔක්තෝබර් 09 වැනි දින සමරනු ලබයි. 1874 දී ලොව පුරා රටවල් ගණනාවක් ඔක්තොම්බර් මස 09 වෙනි දින පොදු තැපැල් සංගමය යන සංවිධානයක් පිහිටුවා ගැනීමට ගිවිසුම් අත්සන් කිරීම සිදු වූ අතර ඒ අනුව එම දිනය ලෝක තැපැල් දිනය ලෙස 1969 වර්ෂයේ දී නම් කෙරිණි.
මෙම ජාතික සැමරුම් උත්සවයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, තැපැල්පති රුවන් සත්කුමාර යන මහත්වරුන්, නියෝජ්‍ය තැපැල්පතිවරුන්, සියලු ශ්‍රේණි නියොජනය කරමින් තැපැල් වෘත්තිකයන් ඇතුළුව පිරිසක් එක්වීමට නියමිතය.


