මලෛගම් ප්‍රජාවට නිවාස හිමිකම් පත්‍රය ලබා දීමේ ජාතික වැඩසටහන සැප්තැම්බර් 12 වැනිදා

මලෛගම් ප්‍රජාවට නිවාස හිමිකම් පත්‍රය ලබා දීමේ ජාතික වැඩසටහන සැප්තැම්බර් 12 වැනිදා
  • SocialShare:

මලෛගම් ප්‍රජාවට නිවාස හිමිකම් පත්‍රය ලබා දීමේ ජාතික වැඩසටහන සැප්තැම්බර් 12 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00ට බණ්ඩාරවෙල පොදු ක්‍රීඩාංගනයේදී පැවැත් වීමට සියලු කටයුතු සංවිධානය කර ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල අමාත්‍ය  සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ , අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

සුවපහසු නිවසක් , සනීපාරක්ෂක ජීවිතයක් යන තේමාව යටතේ ශ්‍රි ලංකා රජය ඉන්දියානු රජය සමග එක්ව මෙරට මලෛගම් ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

මෙම 4වන අදියර යටතේ දිස්ත්‍රික්ක 09ක ප්‍රතිලාභින් 2056ක් තෝරා ගෙන ඇති අතර ඉන්දියානු අධාර යටතේ නිවස ඉදිකිරීම සඳහා මුදල් ආධාර ලබා දී ඇති බවත්, ඉදිකල නිවාස සඳහා යටිතල පහසුකම් ලබා දීමේ වැඩ පිළිවෙළක්ද  ඉදිරියේදී ක්‍රියාත්මක වන බව  අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙවර පර්චස් 10 ක් සඳහා හිිමිකම් පත්‍රය ලබා දෙන අතර පසුගිය රජයේ හිමිකම ලැබූ ප්‍රතිලාභීන්ට ඉඩමට අවශ්‍ය ඔප්පුව සංකේතාත්මකව ලබා දීම සිදු කෙරෙන බව හෙතෙම පැවසීය.

ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ නිර්ණායක ලෙස  නාය යෑම් අවධානම වැඩි වශයෙන් සිටින මලයගම් ජනතාව තෝරා ගනු ලැබු බවත් ඔවුන් වැවැලි ක්ෂේත්‍රයේ නියෙැලෙන කම්කරු ජනතාව, මීට පෙර නිවසක හිමිකමක් ලැබි ඇත්ද යන්න වග සොයා බලා ඒ අනුව මෙම ප්‍රතිලාභීන් පිරිස තෝරාගත් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එළබෙන වසරේදී මෙම ව්‍යාපෘතියේ මී   ළඟ අදියර ක්‍රියාත්මක කරන බවත්, ප්‍රතිලාභීන් ප්‍රමාණය වැඩි කරන බවත් වතුකරයේ ජීවත්වන සියලුම ජනතාවට ජීවත් වීමට අවශ්‍ය සියලුම පහසුකම් ලබා දීම රජයේ අරමුණ  බවද අමාත්‍යවරයා සඳහන් කළේය.