කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශය සහ IMF නියෝජියන් අතර විශේෂ හමුවක් අද (08) කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශය ප්රධාන ශ්රවණාගාරයේදී පැවැත්වුණු අතර, මෙම හමුවේදී 2030 වසර වන විට කර්මාන්ත අමාත්යාංශය සතු ඉලක්ක සහ උපාය මාර්ග පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් IMF නියෝජියන්වෙත ඉදිරිපත් කරන ලදී.
මෙහිදී, දළ දේශීය නිෂ්පාදනයට (GDP) කාර්මික සහ නිෂ්පාදන දායකත්වය වැඩි කිරීම සහ ව්යවසායකත්ව දායකත්වය හා භාණ්ඩ අපනයනය ඉහළ නැංවීම වැනි ප්රධාන කාර්ය සාධන දර්ශක (KPIs) ගණනාවක් පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර, අමාත්යාංශයේ ව්යුහාත්මක ප්රතිසංස්කරණ, ව්යාපාරික කටයුතු සඳහා පහසුකම් සැලසීමේ උපාය මාර්ග, සහ දේශීය කර්මාන්ත මුහුණ දෙන අභියෝග මෙන්ම, මූල්ය ප්රතිපත්ති සහ ඉඩම් වෙන් කිරීමේ ගැටලු සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරිණි.
එමෙන්ම මෙහිදී කර්මාන්ත අමාත්යාංශයේ විනිවිදභාවය පිළිබඳව IMF නියෝජිතයන්ගේ පැසසුමට ලක්වීම විශේෂ කාරණයක් විය.


