ජනපති සහ ජපාන ආරක්ෂක අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්

ජනපති සහ ජපාන ආරක්ෂක අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්
  • SocialShare:

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (29) ටෝකියෝ හි ඉම්පීරියල් හෝටලයේදී ජපාන ආරක්ෂක අමාත්‍ය ඩී එම් නකටානි (DM Nakatani) මහතා හමුවී සාකච්ඡාවක නිරත විය.

දෙරටේ දීර්ඝ කාලීන මිත්‍රත්වය, කලාපීය ආරක්ෂාව සහ ආරක්ෂක කටයුතු සම්බන්ධව ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින සහයෝගීතාව තව දුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිසද මෙම අවස්ථාවට එක් වූහ.