ජනපති සහ ජපාන මුදල් අමාත්‍යවරයා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා

ජනපති සහ ජපාන මුදල් අමාත්‍යවරයා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා
  • SocialShare:

ජපාන රජයේ ආරාධනයකට අනුව එහි නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපාන මුදල් අමාත්‍ය කතෝ කසුනොබු (KATO Katsunobu) මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් අද (29) පස්වරුවේ ටෝකියෝ අගනුවර පිහිටි ඉම්පීරියල් හෝටලයේදී පැවැත්විණි.

මෙහිදී දෙරට අතර වෙළෙඳ, ආයෝජන සහ ආර්ථික සහයෝගිතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ මෙන්ම, ජපන් ආධාර /JICA සහයෝගීතාව යටතේ දැනට ක්‍රියාත්මක සහ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත නව ව්‍යාපෘති පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි.

මෙම සාකච්ඡා සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ යන මහත්වරු සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.