මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ අම්පාර දිස්ත්‍රික් කාර්යාලය මාර්ගගත කිරීම ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාගයේ මොටර් රථ දෙපාර්තුමේන්තුවේ අම්පාර දිස්ත්‍රික් කාර්යාලයේ දී සිදුකෙරිණි.
මෙම ක්‍රියාවලියේ තාක්ෂණික දායකත්වය South Asian Technologies සහ Softlogic Information Technologies යන ආයතන දරනු ලබන අතර, මෙම තොරතුරු තාක්ෂණ පද්ධතිය නඩත්තුව බාරගෙන ඉතා කෙටි කාලයක් තුළ අම්පාර ශාඛාව පද්ධතියට එකතු කිරීම ජයග්‍රහණයක් වන අතර, මෙමගින් ප්‍රදේශයේ ජනතාවගේ සේවාවන් වඩාත් පහසු සහ කාර්යක්ෂම කිරීමට අප බලාපොරොත්තු වන අතර පද්ධතියට එකතු නොවූ ඉතිරි සියළු දිස්ත්‍රික් කාර්යාල කෙටි කාලයක් තුළ පද්ධතියට එකතු කිරීමට මෙන්ම, වඩාත් ඵලදායි, කාර්යක්‍ෂම, සුරක්ෂිත සහ නවීන තාක්ෂණයෙන් යුත් පුරවැසි කේන්ද්‍රීය තොරතුරු තාක්ෂණ පද්ධතික් බවට පරිවර්තනය කිරීමේ කටයුතු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව South Asian Technologies සහ Softlogic Information Technologies යන ආයතන සමග දැනටමත් ආරම්භ කර තිබේ.
මෙම අවස්ථාවට මෙහිදී ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා සහ දිගාමඩුල්ල පාර්ලිමේන්තු නීතිඥ ප්‍රියන්ත විජේරත්න මහතා, දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී මුතු රත්වත්තේ මහත්මිය, දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. ආදම්භාවා මහතා, ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා, අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන් රැසක් සහභාගි විය.


