පළාත් පාලන ආයතන වල ගෙවීම් කළමනාකරණ මෘදුකාංගයට අවශ්‍ය උපකරණ ලබා දීමේ වැඩසටහන හෙට(12) පළාත් සභා පලාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලීය ශ‍්‍රවණාගාරයේදී උදෑසන 11 ට පැවැත්වීමට නියමිතය.
ඒ් අනූව තොරතුරු තාක්ෂණ විසඳුම් ක්‍රියාත්මක කරන පළාත් පාලන ආයතන අතුරින් තෝරාගත් අඩු ආදායම් ලාභී පළාත් පාලන ආයතන 45කට පරිගණක, Point of Sales machine, මුද්‍රණ යන්ත්‍ර හා අනිකුත් උපාංග බෙදා හැරීමට නියමිතය.
ඩිජිටල් රාජ්‍යකරණයක් තේමාව යටතේ පළාත් පාලන ආයතන වල ආදායම් එකතු කිරීම, ගිණුම්කරණය,කළමනා කරණය හා වෙනත් සේවා සැපයීම් ඩිජිටල්කරණය කිරීම සඳහා අමාත්‍යංශය විසින් "Local Government Payment Management System - LGPMS' (පලාත් පාලන ආයතන වල ගෙවීම් කළමණාකරන පද්ධතිය) නමින් මෘදුකාංග විසඳුමක් නිර්මාණය කර ඇත.
පද්ධති පරිපාලනය (System Administration), ආදායම් කළමනාකරණය (Revenue Management), මාර්ගගත ගෙවීම් (Online Payments), සහතික සහ බලපත්‍ර නිකුත් කිරීම් (Certifications & License Issuing), වෙනත් යෙදවුම් (Other Applications) යන මොඩියුල 05 කින් යුත් මෙම මෘදුකාංග විසඳුම වර්තමානය වනවිට මධ්‍යම, සබරගමුව, දකුණ, නැගෙනහිර හා බස්නාහිර යන පළාත් තුළ ඇති පළාත් පාලන ආයතන 120ක පමණ භාවිතා කරනු ලබයි.
එකී මෘදුකාංග විසඳුම සියලුම පළාත් පාලන ආයතනයන්හි අවශ්‍යතාව අනුව නොමිලේ ලබා ගත හැකි අතර ඒ සඳහා අවශ්‍ය වන අඛණ්ඩ යාවත්කාලීන කිරීම්, පුහුණුව හා ධාරිතා සංවර්ධනය අමාත්‍යංශය විසින් සිදු කරයි.
පලාත් පාලන ආයතන වල ගෙවීම් කළමනා කරණ මෘදුකාංගය පළාත් පාලන ආයතන වෙත හඳුන්වා දෙමින් පවතින අතර එම මෘදුකාංග පළාත් පාලන ආයතන වල ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය පරිගණක ඇතුළු ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා මුදල් අමත්‍යංශය විසින් වාර්ෂිකව ප්‍රතිපාදන වෙන් කරයි.


