ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් වසා දැමීමට කැබිනට් අනුමැතිය

ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් වසා දැමීමට කැබිනට් අනුමැතිය
  • SocialShare:

දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායකයන් 33ක් අදියර 2ක් යටතේ විධිමත් ලෙස ඈවර කර වසා දැමීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත්කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

ජාතික අර්ථිකයට හෝ රාජ්‍ය සේවා සැපයීමට ආර්ථවත් දායකත්වයක් නොදෙන ව්‍යවස්ථාපිත ආයතන රාජ්‍ය සංස්ථා හ සමාගම් සහ විවිධ කාණ්ඩයන්ට අයත් රාජ්‍ය ව්‍යවසායකයන් රජයට වැය බරක් වන පරිදි එම ආයතන ඈවර කර වසා තැබිමට සුදුසු බව රජය තිරණය කර ඇත.