පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සහ අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඊයේ (28) දහවල් බොරැල්ල ප්‍රදේශයේ පිහිටන කොළඹ අගරදගුරු නිල නිවසේදී හමුවී සුහඳ පිළිසදරක නිරතවිය.
කාදිනල් හිමිපාණන් පොලිස්පතිතුමන් වෙත එහිදී ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සුභාශිංසන පිරිනැමූ අතර පොලිස්පතිතුමන් විසින් හමුව සිහිගැන්වෙන සමරු තිළිණයක් උන්වහන්සේ වෙත පිළිගන්වන ලදී.
මෙම හමුව සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහතාද එක්විය.


