එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරයා සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරයා සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය අතර හමුවක්
  • SocialShare:

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ලෙස සිය ධූර කාලය අවසන් කරන Kunle Adeniyi මහතා සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය අතර හමුවක් පසුගිය දා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

2022 වර්ෂයේ පටන් මෙරට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකාවේ නියෝජිතවරයා ලෙස කටයුතු කරමින් කාන්තාවන් සවිබල ගැන්වීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් ප්‍රචණ්ඩත්වයන් පිටුදැකීම, කාන්තාවන් සුරක්ෂිත කිරීම ඇතුළු ජාතික මට්ටමේ ව්‍යාපෘති රාශියක් සඳහා තම සංවිධානයේ සහයෝගය ලබාදෙමින් ශ්‍රී ලාංකීය කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් ගුණාත්මක සේවයක් පිරිණැමීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය වෙත දැක්වූ සහයෝගය අගය කිරීමට එහි දී අවස්ථාව ලැබුණි.

වත්මන් රජය සමඟ වඩා සුහදශීලී සහ ඵලදායී සබඳතාවක් ගොඩනඟා ගැනීමට හැකි වූ බවත් කාන්තා හ ළමා කටයුතු අමාත්‍යාංශයේ ඉදිරි ඉළක්ක ජයගැනීම සඳහා සුබ පැතුම් එක්කරන අතර එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සමඟ ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කිරීමට ආරාධනා කරන බවත් Kunle Adeniyi මහතා ප්‍රකාශ කරන ලදී.

මෙම හමුවට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලාංකීය නියෝජිතයන්, ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශයේ සහ ජාතික කාන්තා කමිටුවේ ආයතන ප්‍රධානීන් ද එක්ව සිටියහ.