කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත ඇතුළු අපරාධකරුවන් 06ක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට

 කෙහෙල්බද්දර පද්මේ,  කමාන්ඩෝ සලින්ත ඇතුළු අපරාධකරුවන් 06ක් ඉන්දුනීසියාවේදී  අත්අඩංගුවට
  • SocialShare:

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ, කොමන්ඩෝ සලින්ත ඇතුළු අපරාධකරුන්වන් පිරිසක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

අද(28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව පැවසීය. ඉන්දුනීසියාවේදී ඊයේ සිදුකළ මෙහෙයුමකදී කෙහෙල්බද්දර පද්මේ, කොමන්ඩෝ සලින්ත, ඇතුළු පුද්ගලයින් 06 දෙනෙක් අත්අඩංගුවට ගත් බවත් ඒ අතර කාන්තාවක්ද සිටින  බවද කීය. සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉතිහාසයේ මෙවැනි මෙහෙයුමක් සිදුකළ පළමු අවස්ථාව මෙය බවද ඒ මහතා පැවසීය. ජාත්‍යන්තර පොලීසිය සහ ඉන්දුනීසියානු පොලීසියේ සහය ඇතිව මෙම මෙහෙයුම සිදුකළ බවද පොලිස්පතිවරයා පැවසීය.

පොලීසියට අපරාධ පරීක්ෂණය සඳහා අවශ්‍ය පූර්ණ නිදහස ලැබී ඇති බවත් , මෙම මෙහෙයුම සාර්ථක කර ගැනීමට  එය එක් හේතුවක් වූ බව , මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා පැවසීය.

මෙම ක්‍රියාවලිය දින ගනණාවක් සිදුකළ  රහසිගත මෙහෙයුමක් බවත් විදේශකටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව,  ඉන්දියාව,අබුඩාබි, මැලේසියාව, තායිලන්තය වැනි විදෙස් රාජ්‍යවල බුද්ධි අංශ මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේදී සහාය වු බවත් කීය.

සංවිධානාත්මක අපරාධකරුවන් නවීන තාක්ෂණය භාවිතා කරද්දී ඊට නොදෙවනි තාක්ෂණයක් ශ්‍රී ලංකා පොලීසියද භාවිතා කරමින අපරාධකරුවන් අත්අඩංගුවට ගත් බවද ඒ මහතා පැවසීය.

මෙම සැකකරුවන් මෙරටට ගෙන ඒමේ කටයුතු මේ වන විට සිදු වන බවද  ඒ මහතා වැඩිදුරටත් පැවසීය.