ලංගම සහ පෞද්ගලික ඒකාබද්ධ කාලසටහනට බස් රථ ධාවනය කිරීමට සැලසුමක්

ලංගම සහ පෞද්ගලික ඒකාබද්ධ කාලසටහනට බස් රථ ධාවනය කිරීමට සැලසුමක්
  • SocialShare:

බස් රථ, දුම්රිය සහ අනෙකුත් බහුවිධ ප්‍රවාහන අවශ්‍යතා එක ස්ථානයකින් ඒකාබද්ධ කාල සටහනකට අනුව ධාවනය කිරීමට සැලසුම්කර ඇති බවත්, එමගින් මගී ජනතාවට ඉතාමත් පහසු සහ කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ලබා දීමට කටයුතු කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය. ඊයේ(25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

ලංගම සහ පෞද්ගලික දුරගමන් බස්‍  ඒ්කාබද්ධ කාලසටහනකට අනුව ධාවනය කිරීමේ පළමු පියවර ඊයේ(25) රාත්‍රී සිට ක්‍රියාත්මක වූ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ලංගම සහ පෞද්ගලික අංශය ඒකාබද්ධ වූ  කාලසටහනකට අනුව කොළඹට ප්‍රවේශ වීමට ප්‍රදාන ප්‍රවේශ මාර්ගයක් වන පුත්තලම් කොරිඩෝව ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට ආරම්භ කර තිබේ.

GPS තාක්ෂණය මගින් බස් රථ ධාවනය නිසි පරිදි ක්‍රියාත්මක වන ආකාරය  නීරීක්ෂණය කරන අතර  ලබන වසර අවසන් වන විට ලංකාවේ  බහුතරයක් ගමනාන්ත ඒකාබද්ධ කාලසටහනකට අනුව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

තවද 2025 අයවැය යෝජනාවෙන් මිලියන 3000 ක මුදලක් බස්‍ රථ ගෙන ඒමට වෙන් කර ඇති බව ත්,  ඉදිරි  වසර තුන ඇතුළත නව  බස් රථ 2500ක් ලංකා ගමනා ගමන මණ්ඩලයට එකතු කරගැනීමට බලාපොරොත්තු වන බව ඒ මහතා පැවසීය