අද(24) පස්වරු 04.00 සිට තැපැල් සේවකයන්ගේ වෘත්තීය සමිති ක්රියාමාර්ගය අවසන් කර නියමිත පරිදි රාජකාරී කිරීම සඳහා වෘත්තීය සමිති එකඟ වූ බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
තැපැල් වෘත්තීය සමිති සහ අමාත්යවරයා අතර අද(24) පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
මධ්යම තැපැල් හුවමාරුවේ පාලන සහ මෙහෙයුම් යන කොටස් 02ටම ඇඟිලි සලකුණ හෙට සිට ක්රියාත්මක වන බවද අමාත්යවරයා කීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්යවරයා මෙසේද පැවසීය
"වැඩවර්ජනය නිසා දින 6ක විතර සිදුවෙච්ච පාඩුවක් තියෙනවා. ගොඩ ගැහුණ ලියුම් සහ පාර්සල් කන්දරාවක් තියෙනවා. ඒවා නිදහස් කරලා දෙන්න ඕනේ "
වෘත්තීය සමිති වලට අදාළ සියලුදෙනා පැමිණ ඒ කටයුතු නොපමාව ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද අමාත්යවරයා වැඩිදුරටත් කීය.


