ජාතික මාධ්‍ය සංකථන ශාස්ත්‍රීය ග්‍රන්ථයේ සිව් වන වෙළුම එළිදැක්වේ

ජාතික මාධ්‍ය සංකථන ශාස්ත්‍රීය ග්‍රන්ථයේ සිව් වන වෙළුම එළිදැක්වේ
  • SocialShare:

ජාතික මාධ්‍ය සංකථන ශාස්ත්‍රීය සංග්‍රහයේ iv වන වෙළුම එළිදැක්වීම, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සිදු විය.


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජනමාධ්‍ය පර්යේෂණ අංශය,විශ්වවිද්‍යාල ජනමාධ්‍ය අධ්‍යයන අංශ සමඟ ඒකාබද්ධව මෙම කෘතිය සම්පාදනය කර තිබේ “ ජනමාධ්‍යකරණය, කෘතිම බුද්ධිය සහ ගෝලීය අභියෝග” යන්න මෙවර මාධ්‍ය සංකථන ග්‍රන්ථයේ තේමාව වේ. ගුණාත්මක ජනමාධ්‍ය සංස්කෘතියක් සහ වෘත්තීය ජනමාධ්‍ය කලාවක් බිහිකිරීමෙහිලා ඉහළ මාධ්‍ය සාක්ෂරතාවයකින් යුත් සබුද්ධික ශ්‍රී ලාංකේය ජනමාධ්‍යයක් නිර්මාණය කිරීමේ නූතන ජනමාධ්‍ය අභියෝගය පර්යේෂණාත්මකව අධ්‍යයනය කරමින් මෙම කෘතිය රචනා කර තිබේ‍.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර, මහාචාර්ය කමල් වලේබොඩ, මහාචාර්ය ධර්මකීර්ති ශ‍්‍රී රන්ජන් , ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මනෝජ් ජිනදාස ඇතුළු විද්වතුන් සහ පාසල් සිසුන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.