ඉන්දුනීසියානු ජනරජයේ තානාපතිනිය පරිසර අමාත්‍යතුමා හමුවෙයි

 ඉන්දුනීසියානු ජනරජයේ තානාපතිනිය  පරිසර අමාත්‍යතුමා හමුවෙයි
  • SocialShare:

ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ජනරජයේ තානාපතිනි, Dewi Gustina Tobing මහත්මිය අතර හමුවක් අද (18) සවස පරිසර අමාත්‍යාංශයේදී පැවැත්විණ.

පරිසර කළමනාකරණය සහ තිරසාර කෘෂිකාර්මික භාවිතයන් සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම  මෙම සාකච්ඡාවේ අරමුණයි.

ඉන්දුනීසියාව විසින් සාර්ථකව නිපදවා ඇති කාබනික දියර පොහොර පිළිබඳව තානාපතිනිය විසින් අදහස් දැක්වූ අතර පොල්, තේ සහ වී වැනි ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන බෝග ඔස්සේ කාබනික දියර පොහොර නිපදවීම සඳහා පරීක්ෂණ පවත්වා ඇති බවත් එහි ප්‍රතිඵල ඉතාමත් සාර්ථක වූ බවත් අදහස් පළ කරන ලදී.

මෙම යෝජනා අගය කළ ගරු පරිසර අමාත්‍යතුමා , දෙරට අතර තිරසාර කෘෂිකර්මාන්තය සහ පරිසර කළමනාකරණය සම්බන්ධයෙන් ඒකාබද්ධ වැඩසටහන් ගවේෂණය කිරීමට ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය ද පැවසුවේය.

හරිත අනාගතයක් සඳහා තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට දෙරටම කැපවී සිටින බව දෙපාර්ශවය විසින් මෙහි දී අදහස් දැක්වූහ.

මෙම අවස්ථාව සඳහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ගරු ඇන්ටන් ජයකොඩි මැතිතුමා ද පරිසර අමාත්‍යංශයේ නිළධාරීන් ද සහභාගී වූ අතර ඉන්දුනීසියානු ජනරජයේ තානාපති කාර්යාලය නියෝජනය කරමින් එම කාර්යාලයේ අමාත්‍ය උපදේශක Lailal Khairiyah Yuniarti මහත්මිය සහ තෙවැනි ලේකම් Sheila Ananta Ully මහත්මිය ද සහභාගී වූහ.