කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ (14දා) කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ දී පැවැත්විය. මෙම රැස්වීම කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති , තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
මෙහිදී ග්‍රාමීය සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව සමාලෝචනය කළ අතර, ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය.
මීතොටු මුළු කුණු කන්ද ආශ්‍රිත ප්‍රදේශයේ බාහිර ආයතන මගින් අපට ද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් මතුව ඇති ගැටලුව පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරිය මගින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ගැනුණි. "එක මිටට ගොවි බිමට" වැඩසටහන යටතේ පුරන් කුඹුරු අස්වැද්දීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඩෙංගු රෝගය, චිකන් ගුන්යා රෝගය හා කෝවිඩ් රෝගය සහ ප්‍රජා සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමු වූ අතර, මෙහිදී අදහස් දැක්වූ ගොතටුව ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසුවේ මේ වන විට ඩෙංගු රෝගීන් වාර්තා වීම සැලකිය යුතු ලෙස අඩුවී ඇති බවයි.
ප්‍රදේශය ආරක්ෂක තත්ත්වය පිළිබඳව සම්බන්ධීකරණ කමිටුවේ අවධානය යොමු කළ අතර, ප්‍රදේශය තුළ ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් වූ සෝදිසි කටයුතු සහ නීතිමය පියවර ගැනීම් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණි.
මෙහිදී අදහස් දක්වමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති එරංග ගුණසේකර පැවසුවේ ආයතන අතර මනා සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් කටයුතු කිරීම අවශ්‍ය බවත්, මාර්ග සංවර්ධන කටයුතු වල දී ජාතික ජල සම්පාදනය මණ්ඩලය මාර්ග සංවර්ධන කටයුතු සිදු කරන රාජ්‍ය ආයතනය සමඟ සම්බන්ධතාවය පවත්වා ගනිමින් ජනතාවට අපහසුතාවයක් ඇති නොවන පරිදි එම කටයුතු කිරීම පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බවත් මෙහි දී අවධාරණය කළේය.
කොලොන්නව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා, කොලොන්නාව නගර සභාවේ සභාපති ධම්මික විජයමුණි, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ උපසභාපති චන්ද්‍රසිරි පරණවිතාන යන මහත්වරුන් ද මේ සඳහා සහභාගි විය.


