ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 37 වන පොලිස්පතිවරයා වශයෙන් අභිනවයෙන් පත් වූ නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද (14 ) උදෑසන පොලිස් මූලස්ථානයේදී නිල වශයෙන් රාජකාරි වැඩ භාර ගන්නා ලදි.
මෙහිදි, අභිනව පොලිස්පතිතුමා වෙනුවෙන් පොලිස් මූලස්ථානය මඟින් සම්මාන පාළියක් පවත්වා පොලිස් උත්තමාචාරය පිරිනමන ලද අතර සර්ව ආගමික ආශීර්වාදය ලබා ගනිමින් ධූරයේ වැඩ භාර ගැනීම සිදු විය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රි ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් රැසක් ද සහභාගී විය.


