පොලිස්පතිට ගැටලු කියන්න වට්ස්ඇප් අංකයක්

පොලිස්පතිට ගැටලු කියන්න වට්ස්ඇප් අංකයක්
  • SocialShare:

මහජනතාවට මුහුණපෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව දැනුම්දීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් වට්ස්ඇප් (Whatsapp) අංකයක් හඳුන්වා දී ඇත.

ඒ අනුව ඍජුවම පොලිස්පති කාර්යාලය හා සම්බන්ධ වීමට හැකි නව වට්ස්ඇප් (Whatsapp) අංකය 071 – 8598888 ඊයේ (13) සිට ක්‍රියාත්මක වේ.

මේ හරහා පොලිස්පතිවරයා වෙත ඍජුවම කෙටි පණිවුඩයක් ලබාදීම, වීඩියෝ දර්ශන සහ ඡායාරූප යොමු කිරීම සඳහා පමණක් භාවිත කළ හැකි අතර ඇමතුම් ලබාගැනීමට හැකියාවක් නොමැත.