යෞවන සමාජ නැවත ප්‍රථිෂ්ඨාපනය කර , තරුණ තරුණියන්ට නායකත්වය ගැනීමට අවස්ථාවක් උදාකර දීම රජයේ අරමුණ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි .
අමාතවරයා මේ බව පැවසුවේ , අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
යෞවන සමාජ පිහිටුවා මේ රටේ තරුණ තරුණියන් හැකියාවන් , දේශපාලනය , සමාජ සේවා කටයුතු, ව්‍යවසායකත්වය ,නිර්මාණශිලීත්වය, ආර්ථිකය සහ ක්‍රිඩාව යන සෑම අතකින්ම ඉහළට ගෙන ඒමට රජයට වැඩ පිළිවෙළක් ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
මෙතෙක් කලක් මෙම යෞවන සමාජ දේශපාලන ක්‍රියාකාරී කිහිපදෙනෙකු අතට නතු වී තිබු බව පෙන්වා දුන් ඒ මහතා , ඉතිහාසයේ ප්‍රථමවතාවට ග්‍රාම සේවා වසම් 14,000ක නිලවරණ පවත්වා , යෞවන සමාජ පිහිටුවා ඇති බවත් , ඒ් අනුව ඉදිරියේදි නිලවරණ පවත්වා ඒ් සඳහා සුදුසු නිලධාරින් තෝරා ගන්නා බවද පැවසීය.
මෙම යෞවන සමාජ දේශපාලන ග්‍රහණයෙන් මුදවාගෙන අවංකව වැඩ කරන , බිම් මට්ටමෙන් දේශපාල හයියක් නොමැති තරුණ පිරිසට භාර දීමට සූදානම් බවත් ඡන්දයට ඉදිරිපත්වී ජයග්‍රහණය කිරීමට නොහැකි වූ කණ්ඩායම් යම් කිසි අරගලයක් කිරීමට මුල පුරණ බවද අවධාරණය කළේය


