Youth Clubsවල සාමාජිකයන් 6000කගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ජාතික මණ්ඩලය පත් කිරීම සඳහාවන "ජාතික තරුණ සමුළුව" ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 12 දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ (පාලන) මනුල චමල් පෙරේරා මහතා පැවසීය.
අද(05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ් මහතා මේ බව පැවසීය.
ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයට විධිමත් පරිදි ජාතික මණ්ඩලයක් පත් කිරීම සඳහා Connect – 2025 Youth Clubs පිහිටුවීමේ වැඩසටහන 2025 මැයි මාසයේ ආරම්භ කළ බවත්, මේ වන විට සෑම ග්‍රාමසේවා වසමකම ඒක් යෞවන සමාජයක් යන සංකල්පය යටතේ මේ වන විට Youth Clubs12,793ක් පිහිටුවා ඇතැයිද ඒ් මහතා පැවසීය.
මේ සඳහා 300,000කට අධික පිරිසක් සමාජිකත්වය ලබා ඇති අතර, ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමින් සම්මේලන පවත්වා අවසන් කර ඇත. ඒ් අනුව තෝරා ගත් ජාතික මණ්ඩල නියෝජිතයින් 52ක් හරහා ජාතික මණ්ඩලය පිහිටුවීමත්, ඔවුන් ජාතික නායකයින් ලෙස හඳුන්වාදීමත් සිදු කිරීමට නියමිත බවද ඒ් මහතා වැඩිදුරටත් පැවසීය.


