උතුරේ දරිද්‍රතාවය තුරන් කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා - ධීවර, ජලජ සම්පත් සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්

උතුරේ දරිද්‍රතාවය තුරන් කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා - ධීවර, ජලජ සම්පත් සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්
  • SocialShare:

යුද්ධය අවසන් වී වසර 17ක් ගතවී ඇතත් උතුරේ ජනතාවගේ ජීවිතවල කිසිදු වෙනසක් සිදුවී නොමැත. එබැවින් උතුරෙන් දරිද්‍රතාවය තුරන් කළ යුතුය.ඒ සදහා  සුදුසු ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව ධීවර, ජලජ සම්පත් සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසීය.

2025.08.01 වන දින කිලිනොච්චියේ පලෙයි ප්‍රදේශයේ පිහිටි ප්‍රාදේශීය පොල් වගා කිරීමේ මණ්ඩලයට ගිය අමාත්‍යවරයා, එහි නිලධාරීන් සමඟ සාකච්ඡාවකට සහභාගී වෙමින් ඉහත ප්‍රකාශය කළේය.

මෙම සංචාරයේදී, වැවිලි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංගුමාරන්, වැවිලි අමාත්‍යාංශයේ ලේකම්, නිලධාරීන් සහ තවත් බොහෝ දෙනෙක් සහභාගී වූහ.

මේ අතරතුර අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය,

"පොල් වගාව කෙරෙහි අවධානය යොමු කර සුදුසු ක්‍රියාමාර්ග ගනිමින් පවතී. විශේෂයෙන් උතුරේ මෙම වසරේ අක්කර 16,000 ක ඉඩම් ප්‍රමාණයක පොල් වගා කිරීමට කටයුතු කරනු ලැබේ. ඉඩම් දැනට හඳුනාගෙන ඇත. ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා එවැනි ක්‍රියාමාර්ග ගනිමින් පවතී.

දුගීතාවය තුරන් කිරීම අපට ඇති ප්‍රධාන අභියෝගයක් වේ.ඒ සදහා සුදුසු ක්‍රියාමාර්ග ගනිමින් පවතී. උතුරේ දරිද්‍රතාවය අධිකව පවතියි. මේ තත්ත්වයෙන් අපි ගොඩ ඒමට අවශ්‍යයි. යුද්ධය නිසා සියල්ල අහිමි වූ ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කළ යුතුයි.

යුද්ධය අවසන් වී වසර 17 ක් ගතවී ඇතත් ජීවිතයේ කිසිදු වෙනසක් සිදුවී නොමැත. දරිද්‍රතාවය තුරන් නොකර රටේ සංවර්ධනය ගැන අපට සිතිය නොහැක.

පොල් වගාව නිසි ලෙස හසුරුවන්නේ නම්, අනාගතයේදී මෙම කලාපයේ ආර්ථිකය සමෘද්ධිමත් ආර්ථිකයක්  විය හැකිය."