සමෘද්ධිමත් රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙළ සමඟ එක්වන්නැයි ජනපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයිනේ වෙසෙන ලාංකික ප්‍රජාව අමතමින් කියා සිටියේය.
මාලදිවයින් රාජ්‍ය සංචාරය අතරතුර ඊයේ (30) පස්වරුවේ මාලදිවයින ජාතික විශ්වවිද්‍යාලයේදී එහි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අමතමින් ජනපතිවරයා මේ බව පැවසීය.
ජනතාව රජය කෙරෙහි තබා ඇති විශ්වාසය ආරක්‍ෂා කරන බවද ජනපතිවරයා එහිදී අවධාරණය කළේය.
දූෂිත දේශපාලනය වෙනුවට නව සංස්කෘතියක් ඇති කරමින්, බිඳ වැටී තිබූ ආර්ථිකය සෙමෙන් නමුත් ස්ථාවරව ඉදිරියට ගෙනයමින්, සෑම දෙනාටම නීතිය සමානව ක්‍රියාත්මක කර ඇති බව ජනපතිවරයා පෙන්වා දුන්නේය.
පසුගිය මැතිවරණ ජයග්‍රහණයන්ට දායක වූ මාලදිවයිනේ ශ්‍රී ලාංකිකයින්ට සිය ස්තූතිය පුදකළ ජනපති සමෘද්ධිමත් රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස ඔවුන්ට ආරාධනා කළේය.
ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වයට අදාළව සහ ඔවුන්ට එරටදී මුහුණ දීමට සිදුව ඇති තත්වයන්ට අදාළව ඉදිරිපත්කළ ගැටලුවලටද ජනපතිවරයා පිළිතුරු ලබා දුන්නේය.


