ලෝක ආදිවාසී සැමරුම් දින උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් දඹානේදී

ලෝක ආදිවාසී සැමරුම් දින  උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් දඹානේදී
  • SocialShare:

අගෝස්තු මස 09 වන දිනට යෙදී තිබෙන ලෝක ආදිවාසී දිනය වෙනුවෙන් සංවිධානය කෙරෙන සැමරුම් උත්සවය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 අගෝස්තු මස 09 වන දින දඹාන ආදිවාසී ගම්මානයේදී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.


මෙම සැමරුම් උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මහියංගන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පසුගියදා(29) පැවැත් වුණි.
ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම විශේෂ සාකච්ඡාව සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල, බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන, මහියංගන ප්‍රාදේශීය සභාවේ සභාපති නීතිඥ උපේක්ෂා විජේතුංග, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුජීවා පල්ලියගුරුගේ, මහියංගන ප්‍රාදේශීය ලේකම් ඩබ්. විමංස සෙනෙවිරත්න, නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ