රථවාහන වැරදි සඳහා ස්ථානීය දඩ අයකර ගැනීමේ ව්‍යාපෘතිය බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කිරීම ඇරඹේ

රථවාහන වැරදි සඳහා ස්ථානීය දඩ අයකර ගැනීමේ ව්‍යාපෘතිය බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කිරීම ඇරඹේ
  • SocialShare:

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ ඩිජිටල් අමාත්‍යාංශය, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන රථවාහන වැරදි සඳහා දඩ මුදල් ගෙවීම පහසු කරලීමේ අරමුණින් හඳුන්වා දුන් ස්ථානීය දඩ අයකර ගැනීමේ ක්‍රමවේදය බස්නාහිර පළාතට හඳුන්වාදීම පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීම ඊයේ(28) සිදුකෙරිණ.

බස්නාහිර පළාතේ රථවාහන පොලිස් නිලධාරීන් 1000 කට ජංගම දුරකථන ලබාදීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරුණු අතර, ඒ සඳහා Lanka Pay ආයතනය මගින් දුරකථන නොමිලේ ලබාදුන් අතර, අවශ්‍ය සිම්පත් නොමිලේ ලබාදීම Mobitel ආයතනය මගින් සිදුකෙරිණ.
මෙහි නියමු ව්‍යාපෘතිය කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක විය. එහි සාර්ථකත්වය අනුව අධික ජන ඝණත්වයකින් යුත් බස්නාහිර පළාත තුළ ව්‍යාපෘතිය ආරම්භ කළ අතර, ඉදිරියේ දී උතුරු සහ නැගෙනහිර පළාත් ඇතුළුව මුළු දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට යෝජිතය.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක, , මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම මාධ්‍ය හමුවට වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය, ජ්‍යේෂ්ඨ පොලිස් නිළධාරීන් ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශය නියෝජනය කරමින් නියෝජිතයෝ පිරිසක් එක්වූහ.