ආබාධ සහිත පුද්ගලයින්ගේ සුබසාධනය වෙනුවෙන් වැඩසටහන් රැසක්

ආබාධ සහිත පුද්ගලයින්ගේ සුබසාධනය  වෙනුවෙන් වැඩසටහන් රැසක්
  • SocialShare:

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උරුම කරදීමේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් එක්ව අත් නොහැර යන තේමාව පෙරදැරිව,ආබාධ සහිත තැනැත්තන් නගාසිටුවීම සඳහා වැඩසටහන් රැසක්  සංවිධානය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා පැවසීය.

ඊයේ (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඒ මහතා මේ බව පැවසීය.

මෙරට සමස්ථ ජනගහනයෙන් 8.7 % ක ප්‍රතිශතයක් ආබාධිත සහිත ප්‍රජාව බවත්, ඔවුන් අත්හැර  පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නිර්මාණය කළ නොහැකි බවත් මන්ත්‍රීවරයා පැවසීය. ආබාධ සහිත තැනැත්තන්ට ලස්සන ජීවීතයක් අත්පත් කර දීමටනම් සමානාත්මතා පදනමක් සහා සාදාරණ අවකාශයක් නිර්මාණය කල යුතු බවත්, ඓතිවාසිකම් පාදක කරගත් යුගයක ආබාධ සහිත පුද්ගලයන් ගත කරන බවත්  පෙන්වා දුන්නේය.

 එමෙන්ම දැනට ක්‍රියාත්මක සුභසාධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන  යාමට සහ සුභසාධනය වැඩී වැඩියෙන් තහවුරු කරගැනීමට බලාපොරොත්තු වන බව පෙන්වා දුන් ඒ මහතා, අබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සහ ඉදිරි වසර 10 සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සම්පාදනය කර ඇතැයිද පෙන්වා දුන්නේය. ඒ අනුව ඉදිරියේදී සංඥා භාෂා පනත සම්මත කර ගැනීමට බලාපොරොත්තුවන බවත්,ආබාධ සහිත පුද්ගලයන් සඳහා සුවිසේශී හැඳනුම්පතක් සහ සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි අබාධ සහිත පුද්ගලයින් පිළිබඳ දත්ත පද්ධතියක් සකස් කරන බවද කීය.

අබාධ සහිත පුද්ගලියන් වෙනුවෙන් සංඥා  භාෂා පුහුණු පාඨමාලා, සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි අබාධ සහිත පුද්ගලයින් පිළීබඳ දත්ත පද්ධතියක් , ආබාධ සහිත පුද්ගලයින් වෙනුවෙන් ගෙවන දීමනාව රුපියල් 5000.00 සිට 7500.00 දක්වා වැඩි කිරීම, නිවසක් ඉදිකර ගැනීම සඳහා ලබා දෙන මුදල් ආධාරය වැඩි කිරීම, ආබාධ සහිත පුද්ගලයන් සඳහා රක්ෂණ ක්‍රමවේදයක් ලබාදීම වැනි වැඩසටහන් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීම සැලසුම් කර ඇතැයිද මන්ත්‍රීවරයා පැවසීය.