ජාතික ආරක්ෂාව කිසිසේත් පළුදු නොකරන බවටත් ,මහජන ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව සතු වගකීම ඇත්තේ රජයට බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
රටෙහි දිනෙන් දින සිදු වන වෙඩි තැබීම් සිද්ධි මගින් මිනිසුන්ගේ සහ අලින්ගේ ආරක්ෂාවට සිදු වන තර්ජන සම්බන්ධයෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ වන විටත් ආරක්ෂක අංශ,පොලීසිය සහ බුද්ධි අංශ රටෙහි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවත්, විදෙස් ගතව සිටින පාතාල නායකයින් දිවයිනට ගෙන ඒමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මහජන ආරක්ෂාවට තර්ජනයක් වන සියලු කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද එහි සදහන් විය.


