1940 අංක 9 දරන පුරාවස්තු ආඥාපනත සංශෝධනය කීරීමට හැකිවන පරිදි පනත් කෙටුම්පතක් සකස් කීරීම සඳහා බුද්ධ සාසන, ආගමික සහා සංස්කෘතික කටයුතු ආමාත්‍යතුමා ඉදිරිපත් කල යෝජනාව ආමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද බව අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
පුරා වස්තු ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බවත්, උතුරු නැගෙනහිර ඇතුළුව රට පුරා තිබෙන පුරාවස්තු ආරක්ෂා කර ගැනීමට කැපවෙන බවත්, ඒ වෙනුවෙන් දැනට පවතින ආඥාපනත වඩා ශක්තිමත් පනතක් නිර්මාණය කීරීම ආණ්ඩුවේ බලාපොරොත්තුව වනබවද ආමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
අනෙකුත් ආගමික නායකයන්ට, සිවිල් පුරවැසියන්ට මේ සම්බන්ධයෙන් තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් විනාශයට, සොරකමට, අනවසර කැනීම් වලට ගොදුරු වෙලා තියෙන පුරාවස්තු ආරක්ෂා කර ගැනීම සඳහා ශක්තිමත් නීතීයක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම අත්‍යාවශ්‍ය බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.


