ලොව ප්‍රථම "සුහුරු කාණු පද්ධතිය" නවෝත්පාදනය කළ ආචාර්ය නදීශා සහ කාන්තා කටයුතු ඇමැතිනිය හමුවෙයි

ලොව ප්‍රථම "සුහුරු කාණු පද්ධතිය" නවෝත්පාදනය කළ ආචාර්ය නදීශා සහ කාන්තා කටයුතු ඇමැතිනිය හමුවෙයි
  • SocialShare:

 කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මි සහ ලොව ප්‍රථම "සුහුරු කාණු පද්ධතිය" නවෝත්පාදනය කරමින් 2025 එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය World Intellectual Property Organization (WIPO) විසින් පිරිනැමෙන 2025 "ලෝක බුද්ධිමය දේපළ ගෝලීය සම්මාන"උළෙලේ (WIPO Global Awards 2025) දී සම්මානයට පාත්‍ර වූ ආචාර්ය නදීශා චන්ද්‍රසේන මහත්මිය අතර හමුවක් අද(22) පෙරවරුවේදී  කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

කාන්තාව ආර්ථිකයෙන්, නායකත්වයෙන් විතැන් කොට තැබූ යුගය නිමා කරමින් මේ උදා වී ඇත්තෙ කාන්තාව ලොව ප්‍රතිනිර්මාණය කරනු ලබන යුගයයි. එබැවින් දැනුම, ශක්තිය, ධෛර්යය සහ ධාරිතාව වර්ධනය කරගනිමින් රටේ ආර්ථිකය ගොඩනැගීමටත්, සමාජයීය සංවර්ධනයටත් ශ්‍රී ලාංකික ස්ත්‍රීත්වයේ ශක්තිය එක මිටකට එක් කළයුතුයැයි මෙම අවස්ථාවට එක් වූ කාන්තා කටයුතු අමාත්‍යවරිය සඳහන් කළාය.

මෙම අවස්ථාව සඳහා කාන්තා සහ ළමා කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා සහ ආචාර්ය නදීශා චන්ද්‍රසේන මහත්මියගේ ව්‍යාපෘති කණ්ඩායම ද එක්ව සිටියහ.