බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පසුගියදා (17) විදුලිබල අමාත්‍යංශයේ දී හමු වූ බංගලිදේශ විදුලිබල ශක්ති හා ස්වභාවික සම්පත් අමාත්‍යංශයේ උපදේශක මුහම්මද් ෆව්සුල් කබීර් කාන් මහතා සමග සාකච්ඡාවක දී ලංකාවේ සූර්යබල ක්ෂේත්‍රයේ විශේෂයෙන් වහල මත සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබදව කරුණු දැක්වූ අතර ඒ අනුව එම සාර්ථකත්වයේ අත්දැකීම් බංගලාදේශයට ගෙන එමින් එහි වහල මත සූර්ය පැනල සවිකිරීමේ රජයේ ව්‍යාපෘතියේ ආයෝජකයන් හා කොටස්කරුවන් ලෙස එක්වීමට ලාංකික සමාගම්වලට ආරාධනා කරන බවත් ඒ සදහා සහය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය.
International Solar Alliance (ISA) හෙවත් සූර්ය බලශක්ති සන්ධානය නම්වූ අන්තර්ජාතික සංගමයක විශේෂ සමුළුවක් පසුගිය දා මෙරටදී පැවති අතර එයට කලාපීය රටවල් රැසක අමාත්‍යවරු හා ඉහළම නිලධාරීහු එක්ව සිටියහ.
එහි දී කලාපීය සූර්යබල සහයෝගීතාවය වර්ධනය කිරීම පිළිබදව ද අදහස් හුවමාරු කරගැනීම ද සිදුවූ අතර ඒ අනුව ඉහත සාකච්ඡාව සිදු විය.
බලශක්ති අමාත්‍යවරයාට බංගලාදේශ සංචාරයක් සදහා ආරාධනයක් ද එක්කළ බංගලාදේශ රජයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා සමාන්තර අත්දැකීම් සහිත රටවල් දෙකක් ලෙස ද්විපාර්ශික බලශක්ති සහයෝගිතාවයන් රටවල් දෙකටම අතිශයින්ම ප්‍රයෝජනයක් වනු ඇතැයි ද විශ්වාසය පළ කළේය.
අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අදහස් දක්වමින් අප රටේ විදුලිබල අවශ්‍යතාවයෙන් සැළකිය යුතු කොටසක් සූර්යබල ශක්තියෙන් ලබාගැනීමට සැළසුම් කර එය සාර්ථකව ක්‍රියාත්මක වන බවත් එම අත්දැකීම් අසල්වැසි මිතුරු රාජ්‍යයක් ලෙස බංගලාදේශය සමග බෙදාගැනීමට හැකීවීම තුළින් ලංකාවේ ආයෝජකයින්ට හා සමාගම් වලට බංගලාදේශයේ නව ව්‍යාපාරික හා ආයෝජන අවස්ථා උදාවන අතර එය රටවල් අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත්වීමට හේතුවන ඇතැයිද ප්‍රකාශ කළේය.


