සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා සෝමාවතිය පුදබිමේ ඉදිකිරීමට යෝජිත හදිසි ප්‍රතිකාර ඒකකය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සහ ස්ථානගත පරීක්ෂාවකට එක් වූ අතර, එහිදී එම ඉදිකිරීම කඩිනම් කිරීමට අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.
පොළොන්නරුව ශික්ෂණ රෝහලට අනුබද්ධව සේවා පවත්වාගෙන යාමට සහ ඉදිකිරීම් සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබාගැනීමට අවධානය යොමු වී තිබේ.


