වාහන ආනයනය සම්බන්ධයෙන් අනියත භියක් ඇති කර ගත යුතු නැහැ - කැබිනට් ප්‍රකාශක

වාහන ආනයනය සම්බන්ධයෙන් අනියත භියක් ඇති කර ගත යුතු නැහැ - කැබිනට් ප්‍රකාශක
  • SocialShare:

වාහන ආනයනය සම්බන්ධයෙන් අනියත භියක් ඇති කර ගත යුතු නැතැයි කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අද(08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වමෙින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත්ම් අදහස් දක්වමින් අමාත්‍යවරයා  මෙස් පැවසීය.

ඩොලර් මිලියන 1200 සීමාව තුළ තමයි වාහන ආනයනය කරන්නේ. ඉතා ළඟ සුපරික්ෂාකාරීවයක් යටතේ මෙම කටයුතු සිදුවෙනවා. සමහර මාසවල අඩුවැඩි වෙනවා. නමුත් ඩොලර් මිලියන 1200 සීමාව ඉක්මවා ගොස් නැහැ. 

දැනට එම සීමාව ඉවත් කිරීමේ  සූදානමක් නැහැ. සමහර මාසවල අඩුවැඩි වීමක් තිබෙනවා. නමුත් වාහන ආනයන කිරීම  කිසිදු ගැටලුවක් නැතිව ඉදිරියට යනවා.