2026 වසරේ සිට බෞද්ධ , හින්දු , ක්‍රිස්තියානි සහ කතෝලික ආගම් වලට අයත් ලියාපදිංචි දහම් පාසල් ගුරුභවතුන් සඳහා ගුරු දීමනාව සහ නිල ඇදුම් දීමනාව ඇතුලත්ව එක් දීමනාවක් ලෙස රුපියල් 7500/- ක මුදලක් ලබාදීමට බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික ආමාත්‍ය හිනිඳුම සුනිල්සෙනෙවි මහතා ඉදිරිපත් කල යෝජනවකට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවී ඇත.
අද(08) අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීම සදහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සභාගී වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව ප්‍රකාශ කළේය.
දහම් අධ්‍යාපනය සමාජ හා ආධ්‍යාත්මික සංවර්ධනයට විශාල පිටුබලයක් වන බැවින් වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කරන ලද ගුරුභවතුන්ට වසරකට වරක් මෙම දීමනාව ලබා දීමට අපේක්ෂා කරයි.
කිසිදු පෞද්ගලික අපේක්ෂාවකින් තොරව දහම් පාසල්වල සේවය කරන ගුරුභවතුන්ගේ සේවය අඛණ්ඩව ලබා ගැනීම සහ ඔවුන් දිරිගැන්වීමත් , ඔවුන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීමත් මෙම දීමනාව ලබාදීමේ අරමුණ බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කලහ.


